Sunday, May 5, 2024

General line - 0115112241

දසුන් සහ ඇන්ජලෝ ගේ කණ්ඩායම් ජය වාර්තා කරයි




ශ්‍රී ලකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන ආරාධිත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති තරගවලින් ජය වාර්තා කිරීමට දසුන් ශානක නායකත්වය දරණ ග්‍රේස් කණ්ඩායම සහ ඇන්ජලෝ පෙරේරා නායකත්වය දරණ බ්ලුස් කණ්ඩායම සමත් වුණා.

ග්‍රේස් කණ්ඩායම මෙහිදී ලකුණක තියුණු ජයක් වාර්තා කළේ අශාන් ප්‍රියන්ජන් නායකත්වය දරණ ග්‍රීන් කණ්ඩායම පරාජය කරමින්. පළමුවෙන් පන්දුවට පහරදුන් ග්‍රේස් කණ්ඩායම නියමිත පන්දුවාර විස්සේදී කඩුළු 7 ක් දැවී ලකුණු 167 ක් රැස් කළා. නායක දසුන් ශානක පන්දු 41 කදී හයේ පහර 5 ක් හතරේ පහර 7 ක් සමගින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 84 ක්.

ලකුණු 168 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ග්‍රීන් කණ්ඩායමට නියමිත පන්දුවාර විස්සේදී රැස්කර ගත හැකි වුයේ කඩුළු 6 ක් දැවී ලකුණු 166 ක් පමණයි.

දිනේෂ් චන්දිමාල් නායකත්වය දරණ රෙඩ්ස් කණ්ඩායම සමග පැවති තරගයෙන් ලකුණු 56 ක ජයක් වාර්තා කිරීමට ඇන්ජලෝ පෙරේරා නායකත්වය දරණ බ්ලුස් කණ්ඩායම සමත් වුණා.

පළමුවෙන් පන්දුවට පහරදුන් බ්ලුස් කණ්ඩායම නියමිත පන්දුවාර විස්සේදී කඩුළු 9 ක් දැවී ලකුණු 148 ක් රැස් කළා. එම ඉලක්කය හඹා ගිය රෙඩ්ස් කණ්ඩායමට පන්දුවාර 17 ක් අවසානයේ සියල්ලන් දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 92 ක් පමණයි.

මෙම තරග දෙකම පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා.