Sunday, May 5, 2024

General line - 0115112241

ඉන්දියාව සහ එංගලන්තය අතර දෙවන ටෙස්ට් තරගයේ අවසන් දිනය අදයි




සංචාරක ඉන්දීය කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ අවසන් දිනය අදයි.  ඊයේ දිනය නිමා වනවිට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන ඉන්දීය කණ්ඩායම කඩුළු 6ක් දැවී ලකුණු 181 ක් ලබා සිටියා.

ඔවුන් පළමු ඉනිමට රැස් කළ ලකුණු සංඛ්‍යාව 364 ක්. ඊට පිළිතුරු වශයෙන් එංගලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම සදහා ලකුණු 391 ක් රැස් කිරීමට සමත් වුණා.

ඒ අනුව ඉන්දීය කණ්ඩායම මේ වනවිට කඩුළු 4 ක් ඇතැතිව ලකුණු 154 ක් ඉදිරියෙන් සිටිනවා. තරගය පැවැත්වෙන්නේ ලෝර්ඩ්ස් ක්‍රීඩාංගණයේදීයි.