Monday, May 6, 2024

General line - 0115112241

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධුරයේ වෙනසක්




නව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පත් කර තිබෙනවා. මීට පෙර එම ධුරයේ කටයුතු කළ ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ තවදුරටත් අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්‍ෂවරයා ලෙස කටයුතු කරනු ලබනවා.

2011 වසරේ සිට අවස්ථා කිහිපයකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුරේ රාජකාරි සිදුකළ තමන්ට මාධ්‍යවේදීන් ලබාදුන් සහයෝගයටද ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සිය ස්තුතියද පුද කළා.