Monday, May 6, 2024

General line - 0115112241

කොළඹට පැමිණීම හැකිතාක් අඩුකරන්නැයි ඉල්ලීමක්




කොරෝනා වෛරසය සීග්‍රයෙන් ව්‍යාප්ත වන බැවින් කොළඹ නගරයට පැමිණීම හැකිතාක් අවම කරන්නැයි කොළඹ නගාරාධිපතිනි රෝසි සේනානායක පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් ඇය සදහන් කළේ ඉතාමත් අත්‍යවශ්‍ය කරුණකට හැර කොළඹ නගරයට පැමිණීමෙන් වළකින ලෙසයි. මෙම කාලසීමාවේ හැකිතාක් නිවසට වී සිටින ලෙසටද මෙහිදී ඉල්ලීමක් කෙරුණා.

කොළඹ නගරයේ ව්‍යාපාරික ස්ථානවලින්ද ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තා වී තිබෙනවා. ඩෙල්ටා ප්‍රභේදය තත්පර 15 ක් වැනි ඉතා සුළු කාලයකින් තවත් පුද්ගලයින් රැසකට ආසාදනය වන බැවින් එම අවදානම  පිළිබද ජනතාව අවධානයෙන් කටයුතු කළ යුතු බවයි කොළඹ නගරාධිපතිනිය පෙන්වා දෙන්නේ. 

ඊයේ දිනයේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් පමණක් ආසාදිතයින් 657 දෙනෙකු හදුනාගෙන තිබෙනවා. කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 336 ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 284 ක් ද ඊයේ දිනයේදී හදුනා ගැණුනා. ඒ අනුව බස්නාහිර පළාත තුළින් පමණක් ඊයේ දිනයේදී ආසාදිතයින් 1,277 දෙනෙකු හදුනා ගෙන තිබෙනවා.

මේ අතර රට තුළ පවතින තත්ත්වය හමුවේ ඩෙල්ටා ප්‍රභේදය පැතිරයාම වැළැක්වීම සදහා රට වැසිය යුතු බව ජනාධිපතිවරයා වෙත සිය සංගමය ඉකුත් 11 වනදා ලිඛිතව දැනුම් දුන් බවයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න පැවසුවේ.