Sunday, May 5, 2024

General line - 0115112241

අහඹු පී.සී.ආර් සහ ඇන්ටිජන් පරීක්ෂණ වැඩි කරන්නැයි වෛද්‍ය සංගමයෙන් ඉල්ලීමක්




කොරෝනා රෝගීන් හදුනා ගැනීම සදහා මෙන්ම නව ප්‍රභේද හදුනා ගැනීම සදහා ඇති පහසුකම් වැඩි දියුණු කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. සිදුකරන අහඹු පී සී ආර් පරීක්‍ෂණ සහ ඇන්ටිජන් පරීක්‍ෂාවන් වැඩි කළ යුතු අතර අදාල පරීක්‍ෂා කිරීම් විද්‍යාත්මක පදනමක් මත සිදුකළ යුතු බවයි එම සංගමයේ මධ්‍යම කාරක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ පැවසුවේ.

මෙරට තුළ කොරෝනා අවදානම් තත්ත්වය මේ වනවිට සිව් වන මට්ටමට පැමිණ ඇති බවද වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මෙහිදී ප්‍රකාශ කළා.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ, ආචාර්ය වෛද්‍ය චන්දිම ජීවන්දර පැවසුවේ මෙරටින්  තවත් කොරෝනා වෛරස් ප්‍රභේද කිහිපයක් ඉදිරියේදී හමුවිය හැකි බවයි.

ඩෙල්ටා ප්‍රභේදයේ සීග්‍ර ව්‍යාප්තිය හමුවේ ඉදිරි සති දෙක තීරණාත්මක බවද ආචාර්ය වෛද්‍ය චන්දිම ජීවන්දර වැඩි දුරටත් පෙන්වා දුන්නා.