Sunday, May 5, 2024

General line - 0115112241

වර්ජනයේ නියුතු ගුරු - විදුහල්පතිවරුන් සහ අමාත්‍ය අනුකමිටුව අතර අද සාකච්ජාවක්




ගුරු විදුහල්පති වැටුප් විශමතා පිළිබද සොයා බලා කරුණු වාර්තා කිරීමට පත් කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව හමුවට වෘත්තීය සමිති 3 ක් අද කැඳවා තිබෙනවා. දෙපාර්ශවය අතර  සාකච්ඡා අද පස්වරු තුනට විමල් වීරවංශ අමාත්‍යවරයාගේ නිවසේදී පැවැත්වෙන බවයි ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ පැවසුවේ.

සිය ගැටළුවට විසදුම් ලබාගැනීමට බලධාරීන්ට බල කරමින් සයිබර් අවකාශය ඔස්සේ සිය නිර්මාණ සමාජ මාධ්‍ය වෙත මුදාහැරීමේ වැඩසටහනක්ද අද ආරම්භ කරන බවයි ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම්වරයා වැඩි දුරටත් සඳහන් කළේ.