Sunday, May 5, 2024

General line - 0115112241

පුද්ගලයින් දෙලක්ෂ 32,000 කට ඊයේ දිනයේදී කොවිඩ් එන්නතේ දෙවන මාත්‍රාව




මෙරට කොවිඩ් එන්නත්කරණ වැඩසටහන යටතේ ඊයේ දිනයේදී පුද්ගලයින් දෙලක්ෂ 32,205 දෙනෙකුට කොවිඩ් මර්දන දෙවන එන්නත ලබාදී තිබෙනවා. ඒ අනුව සයිනොෆාම් එන්නතේ දෙවන මාත්‍රාව ඊයේ දිනයේදී පුද්ගලයින් දෙලක්ෂ 26,516 දෙනෙකුට ලබාදී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ.

ෆයිසර් එන්නතේ දෙවන මාත්‍රාව 4,863 දෙනෙකුට සහ ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවන මාත්‍රාව 826 දෙනෙකුට ඊයේ දිනය තුළ ලබාදි තිබෙනවා. ඒ අනුව මෙරට භාවිතයට ගැනෙන කුමන හෝ කොවිඩ් මර්දන එන්නතක දෙවන මාත්‍රාව ලබාගෙන ඇති මෙරට සමස්ත පුද්ගලයින් ගණන හතලිස් අට ලක්ෂ 48,471 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ.

කොවිඩ් මර්දන එන්නතක පළමු මාත්‍රාව ලබාගෙන ඇති මෙරට සමස්ත පුද්ගලයින් ගණන එක් කෝටි දහනව ලක්ෂ 32,934 ක් දක්වා ඉහළ ගොස් ඇති බවද සෞඛ්‍ය අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළා.