Wednesday, May 8, 2024

General line - 0115112241

ගුරු වැටුප් ප්‍රශ්ණයේ උත්තරය අත ලගට




ගුරු විදුහල්පති වැටපු ගැටළුව විසදීම සඳහා ලබන සඳුදා වන විට වාර්තාවක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව ගුරු- විදුහල්පති වැටුප් විෂමතා ගැටලු විසඳීම සඳහා පිළිබඳ පත් කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව පවසනවා. ඒ, වෘත්තීය සමිති ඉල්ලීම් සම්බන්ධයෙන් අමාත්‍ය අනුකමිටුව හා වෘත්තීය සමිති නියෝජිතයින් සමඟ ඊයේ රාත්‍රීයේ පැවති සාකච්ඡාව සම්බන්ධයෙන් අදහස් දක්වමින්. 

කමිටු සමාජික අමාත්‍ය ප්‍රසන්න රණතුංග හා මහින්ද අමරවීර ප්‍රකාශ කළේ, මේ සම්බන්ධයෙන් හෙට දින මුදල් අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කරන බවයි. 

කෙසේවෙතත් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජොසප් ස්ටාලින් දැක්වූයේ මෙවන් ප්‍රතිචාරයක්. 

ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ පැවසුවේ තම ගැටලුවලට විසඳුම් ලැබුනහොත් වෘත්තීය ක්‍රියාමාර්ගය අවලංගු කරන බවයි.

මේ අතර වැටුප් ගැටලුව සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ තවත් සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතයි.