Sunday, May 5, 2024

General line - 0115112241

මේධානි ජයමාන්න අවසන් පූර්ව වටයට




කෙන්යාවේ පැවැත්වෙන ලෝක ශූරතා කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 200 කාන්තා ධාවන ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට මේධානි ජයමාන්න මීට සුලු මොහොතකට පෙර සමත් වුණා. 

ඒ මූලික වටයේ දෙවන තරගයේදී 4 වන ස්ථානය දිනා ගනිමින්. 

ඇය දැක් වූ දක්ෂතාව 24.01 PB. මෙය මේධානි ජයමාන්නගේ මීටර් 200 ඉසව්වේ සිය පෞද්ගලික හොදම දක්ෂතාවද වනවා. 

අද පැවැති තරග ඉසව්වේදී මේධානි ජයමාන්න පළමු මීටර් 100 යේදී පළමු 3 දෙනා අතර පසු වුවද ඇයට තරගය නිම කිරීමට සිදු වුණේ 4 වැන්නා ලෙසයි.