Friday, May 10, 2024

General line - 0115112241

ඉදිරි සති දෙක තුන ගැන අනතුරු ඇඟවීමක් 




ඉදිරි සති දෙක තුන තුළ මෙරට කොවිඩ් ආසාදිත මරණවල වැඩි වීමක් නිසැකවම බලාපොරොත්තු විය හැකි බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා.
 
නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පැවසුවේ මේ වන විට මරණයට පත්වන්නේ මීට සති දෙක තුනකට පෙර රෝහල්ගත වූ පුද්ලයින් බවයි.

අගෝස්තු 05 වනදා සිට ගතවූ දින 14 තුළ පමණක් මෙරටින් කොරෝනා මරණ 1,969 ක් වාර්තා වී තිබෙනවා. 

එය සැලකීමේදී දෛනික කොරෝනා මරණ වාර්තා වීමේ සම්භාවිතාවද 140 සීමාව ඉක්මවා ගොස් තිබීම විශේෂත්වයක්. ඉකුත් අගෝස්තු 05වනදා සිට අගෝස්තු 11වනදා සතිය සැලකීමේදී එම සතිය තුළ වාර්තා වී ඇති සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 799 ක්. 

ඉකුත් 12වනදා සිටි 18 වනදා දක්වා සතිය සැලකීමේදී වාර්තා වී ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 1,170 ක් වනවා.

මේ අතර කොළඹ රාජකීය විදුහලේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු වූ සුල්කි මොහොමඩ් සහ ඔහුගේ පියා වන මරදාන සහිරා විදුහලේ ප්‍රබල රග්බි ක්‍රීඩකයකු වූ ඊබ්‍රහිම් හමීඩ් ද කොරෝනා වෛරසය ආසාදිතව අද  මරණයට පත්ව ඇති බවට වාර්තා වනවා.