Monday, May 6, 2024

General line - 0115112241

දිනේෂ් චන්දිමාල්ට යළි අවස්ථාවක් 




දකුණු අප්‍රිකානු කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත එක්දින හා පන්දුවාර 20 යි 20 තරගාවලිය ඉලක්ක කර ගනිමින් නම් කළ ක්‍රීඩකයින් 30 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා මූලික සංචිතයට දිනේෂ් චන්දිමාල් කැදවා ඇතැයි වාර්තා වනවා. 

මේ දිනවල පැවැත්වෙන ආරාධිත පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ දී දක්ෂතා දක්වමින් සිටින මහීෂ් තීක්ෂණ, පුලින තරංග, කමිදු මෙන්ඩිස් හා ළහිරු මදුෂංක ද ශ්‍රී ලංකා මූලික සංචිතයට කැදවා ඇති බවයි වාර්තා වන්නේ. 

එක්දින තරග 3 කට සහ පන්දුවාර 20 තරග 3 කට සහභාගිවීම සදහා දකුණු අප්‍රිකානු කණ්ඩායම මෙම මස අගදී දිවයිනට පැමිණිමට නියමිතව තිබෙනවා. 

එම සියලු තරග පැවැත්වෙන්නේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීයි. 

ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා පළමු එක්දින තරගය සැප්තැම්බර් මස 02 වනදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.