Monday, May 6, 2024

General line - 0115112241

ඇඳ ඇතිරිල්ලකින් ගෙළ වැලළාගෙන සිටි අයෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වෙයි 




සිය නිවසතුළම ඇඳ ඇතිරිල්ලකින් ජනේලයක එල්ලී ගෙළ වැලළාගෙන සිටි 37 හැවිරිදි පුද්ගලයෙකුගේ මෘත දේහය පී.සී.ආර් පරීක්ෂණයට ලක්කිරීමේදී ඔහු කොවිඩ් 19 ආසාධිතයෙකු බවට අද (23) තහවුරු වී තිබෙනවා. 

බදුල්ල මයිලගස්තැන්න නිවසක ගෙලවැළාගෙන මරණයට පත්ව සිටි මෙම පුද්ගලයාගේ දේහය බදුල්ල නාගරික හදිසි මරණ පරික්ෂක ඩී.එම් .ලීලාරත්න ගේ නියෝගය මත බදුල්ල පොලිසිය විසින් බදුල්ල මහ‍ රෝහලේ මෘත ශරීරාගාරය වෙත රැගෙන විත් තිබුණා. 

අවිවාහකයෙක් වන මරණකරු දෙමාපියන් සමග විරසක වී ලොකු තාත්තාගේ නිවසේ ජීවත්ව ඇති බවත් ඔහු මත්ද්‍රව්‍ය චෝදනා තිබූ අයෙකු බවට පරික්ෂණ වලදී අනාවරණය වී ඇති බවත් පොලිසිය පවසනවා.