Monday, May 6, 2024

General line - 0115112241

අද දිනයේ මේ දක්වා කාලය තුළ මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 3,223ක් 




අද දිනයේ මේ දක්වා කාලය තුළ මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 3,223 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මේවනවිට මෙරටින් වාර්තා වන සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව තුන් ලක්ෂ 93, 223 ක් දක්වා ඉහළ ගියා. 

ඉන් ආසාදිතයින් තුන් ලක්ෂ 44, 381 දෙනෙකු මේවනවිටත් පූර්ණ සුවය ලබා තිබෙනවා. තවදුරටත් සක්‍රිය ආසාදිතයින් ලෙස වාර්තා වන සංඛ්‍යාව 41, 476 ක්. 

මේ අතර ආසාදිතයින්ගේ දත්ත වාර්තාවල පරස්පරතා මතුවීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් අද පැවැති මාධ්‍ය හමුවකදී සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාවගෙන් විමසීමක් කළා. 

දත්ත වාර්තා සම්පූර්ණ කිරීමට නොහැකි වූ කරුණු සම්බන්ධයෙන් ද මෙහිදී පැහැදිළි කෙරුණා. 

මේ අතර රත්නපුර ශික්ෂණ රෝහලට අනියුක්තව සේවය කළ ගිලන්රථ රියදුරෙකු කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් මියගොස් තිබෙනවා. 

ඔහු කොරෝනා වෛරසය ආසාදනය වී මෙරටදී මියගිය පළමු ගිලන්රථ රියදුරායි. මෙලෙස මියගොස් ඇත්තේ 57 හැවිරිදි වියේ පසුවූ නිවිතිගල ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙක්.