Friday, May 17, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන ආරාධිත පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද




ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන ආරාධිත පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී අද පැවැත්වෙනවා. 

ඒ දසුන් ශානක නායකත්වය දරන ග්‍රේස් කණ්ඩායම සහ දිනේෂ් චන්දිමාල් නායකත්වය දරන රෙඩ්ස් කණ්ඩායම අතරයි. 

රෙඩ්ස් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් පැවසුවේ අද පැවැත්වෙන අවසන් තරගයේදී ප්‍රතිවාදී කණ්ඩායමට අභියෝගයක් එල්ල කිරීමට සිය ක්‍රීඩකයින් සූදානම් බවයි.

මෙම තරගය අද රාත්‍රි 7 පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී ආරම්භ වනවා.