Sunday, September 22, 2024

General line - 0115112241

රටේ ආරක්ෂාවට අලුතින් ප්‍රහාරක යානා 08 ක්




ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව සඳහා නව ප‍්‍රහාරක ගුවන් යානා 8ක් සහ අවශ්‍යකරන අවි ආයුධ මිලදී ගැනීමට රජය තීරණය කර තිබෙනවා.

ජාතික ආරක්ෂාවට එල්ල විය හැකි අනපේක්ෂිත තත්ත්වයන්ට සූදානම්ව සිටීමේ සහ ශ‍්‍රී ලංකාවේ අනන්‍ය ආර්ථික කලාපයට අදාළ වන අයුරින් සාගරික ආරක්ෂාව පවත්වා ගැනීමේ වැදගත්කම සැළකිල්ලට ගනිමිනුයි මෙම තීරණය ගෙන ඇත්තේ.

කොළඹ අද (10) පැවැත්වූ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න ඒ පිළිබඳව සඳහන් කළා. දැනට කෆීර් යානා 07 ක් සංචිතයේ තිබුණත් භාවිතයේ ඇත්තේ 01 ක් බවයි ඇමතිවරයා සඳහන් කළේ.

මිග් යානාද සංචිතයේ තිබුණට භාවිතයේ එකක්වත් නොමැති බව පැවසුවා. F7BS යානාද දැනට භාවිතයේ නොමැති බවයි සඳහන් කළේ.