Tuesday, May 7, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා ක්‍රිකට් ආරාධිත 20 යි විස්ස තරඟාවලියේ ශූරතාව දසුන්ගේ ග්‍රේස් පිළට




ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කළ ආරාධිත පන්දුවාර විස්ස ක්‍රිකට් තරඟාවලියේ ශූරතාවය දිනා ගැනීමට දසුන් ශානක නායකත්වය දරණ ග්‍රේස් කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා. 

ඒ, ඊයේ පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවති අවසන් මහා තරඟයේදී දිනේෂ් චන්දිමාල් නායකත්වය දැරූ රෙඩ්ස් කණ්ඩායම ලකුණු 42 කින් පරාජය කරමින්. 

මෙම තරඟයේ පළමුව පන්දුවට පහර දුන් ග්‍රේස් කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුලු 04 ක් දැවී ලකුණු 201 ක් රැස් කළා. 

මිනෝද භානුක පන්දු 51 කදී ලකුණු 74 ක් රැස් කළ අතර දසුන් ශානක පන්දු 17 කදී ලකුණු 48 ක් රැස් කළා. 

පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ රෙඩ්ස් කණ්ඩායමට පන්දුවාර 19 යි පන්දු 04 කදී සියලු දෙනා දැවී රැස්කීරීමට හැකි වුණේ ලකුණු 159 ක් පමණයි. 

පන්දු යැවීමේ දී නුවන් ප්‍රදීප්, මතීෂ පතිරණ සහ පුලින තරංඟ කඬුලු 02 ක බැගින් දවා ගත්තා. තරඟයේ වීරයා ලෙස මිනෝද් භානුක සම්මාන හිමිකරගත් අතර තරඟාවලියේ වීරයා ලෙස සම්මාන හිමිකරගත්තේ දසුන් ශානකයි. 

දසුන් ශානක මෙම තරඟාවලියේ ඉණිම 06 කදී ලකුණු 258 ක් රැස් කළ අතර ඔහුගේ ලකුණු ලබා ගැනීමේ දළ වේගය සියයට 180 ක මට්ටමක පැවතීම විශේෂත්වයක්.