Sunday, May 5, 2024

General line - 0115112241

අවිධිමත් ඖෂධ භාවිතය වැඩිවී ඇති බවට අනාවරණයක්




කොවිඩ් ආසාදිතයින් නිවෙස්ගතව ප්‍රතිකාර ලබා ගැනීම ආරම්භ වීමත් සමඟ අවිධිමත් ඖෂධ භාවිතය ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ අද පැවති මාධ්‍ය හමුවකදී අනාවරණය කෙරුණේ ඇතැම් ඖෂධවලට ඇති ඉල්ලුම සහ භාවිතය වැඩි වී ඇති බවට තොරතුරු අනාවරණ වන බවයි.

අවිධිමත් ඖෂධ භාවිතයේ ඇති ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳව ද එම මාධ්‍ය හමුවේදී කරුණු පැහැදිලි කෙරුණා. මේ එම මාධ්‍ය හමුවට එක්වූ කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ඖෂධවේදය පිළිබඳ මහාචාර්ය, විශේෂඥ වෛද්‍ය ප්‍රියදර්ශනී ගලප්පත්ති.

කොවිඩ් ආසාදිත පුද්ගලයෙකු ලබාගත යුතු ඖෂධ වර්ග සම්බන්ධයෙන්ද මෙහිදී කරුණු පැහැදිළි කෙරුණා.

ඇතැම් කොවිඩ් ආසාදිත පුද්ගලයින් ඇස්ප්‍රීන් භාවිත කරන බවටද තොරතුරු වාර්තා වී තිබෙනවා. කෙසේ වෙතත් ඇස්ප්‍රීන් භාවිත කල යුත්තේ වෛද්‍ය උපදෙස් මත පමණක් බවයි මහාචාර්ය, විශේෂඥ වෛද්‍ය ප්‍රියදර්ශනී ගලප්පත්ති මෙහිදී පෙන්වා දුන්නේ.

කෙසේ වෙතත් දියවැඩියාව, හෘද රෝගවලින් පෙළෙන පුද්ගලයින් වෛද්‍යවරුන් නිර්දේශ කර ඇති දිගු කාලීනව ලබා ගන්නා ඖෂධ ඒ අයුරින්ම ලබාගත යුතු බවයි මෙහිදී වැඩි දුරටත් ප්‍රකාශ කෙරුණේ.