Sunday, September 22, 2024

General line - 0115112241

සයිටම් ගැන රාජිතගෙන් දීර්ඝ පැහැදිළි කිරීමක් (VIDEO)




ඕනෑම වෛද්‍ය විද්‍යාලයක් දියුණුවෙන් දියුණුවට පත්වෙන්නේ පියවරෙන් පියවර බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.

රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය ආරම්භ කරනු ලැබුවේ එක් ගොඩනැගිල්ලකින් පමණයි. ලොව පුර බොහෝ වෛද්‍ය විද්‍යාල ඒ ආකාරයෙන් ආරම්භ වී පසුකාලීනව අතිශය දියුණු තත්ත්වයට පත්වන බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

අද (10) පෙරවරුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප‍්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදීන් විමසූ ප‍්‍රශ්නවලට පිළිතුරු වශයෙන් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් චෝදනා එල්ල කිරීම ඉතා පටු අවස්ථාවාදී හා බංකොලොත් දේශපාලන උත්සහයක් බවයි රාජිත සේනාරත්න අමාත්‍යවරයා කියා සිටියේ.

ලෝකයේ වාමාංෂික රාජ්‍යවල පවා පෞද්ගලික විශ්වවිද්‍යාල සහ වෛද්‍ය විද්‍යාල ඕනෑ තරම් පවතිනවා. මෙරට කොමිනිස්ට් හා වම නියෝජනය කරන දේශපාලන බලවේග පවා සයිටම් පෞද්ගලික විශ්වවිද්‍යාලයට විරුද්ධ නොවද්දී සීමිත පිරිසක් ඊට එරෙහි වන්නේ ඉතා පටු අවස්ථාවාදී අරමුණුවලින් බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

සායනික පුහුණුව සම්බන්ධයෙන් අවිස්සාවේල්ල මහරෝහල සහ තවත් රජයේ පහසුකම් සපයා තිබියදී සයිටම් හි ගුණාත්මකභාවය සම්බන්ධයෙන් පුහු තර්ක ඉදිරිපත් කිරීමට අවස්ථාවාදීන්ට සදාචාරාත්මක අයිතියක් නොමැති බවයි රාජිත සේනාරත්න අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.

(අමාත්‍යවරයා කළ දීර්ඝ පැහැදිළි කිිරීම පහත වීඩියෝවෙන් නරඹන්න.)