Thursday, May 2, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අද පැරාඔලිම්පික් තරඟබිමට




ටෝකියෝ පැරාඔලිම්පික් තරගාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් අද තරග බිමට එක්වීමට නියමිතයි. 

ඒ අනුව සුරේෂ් ධර්මසේන රෝද පුටු ටෙනිස් පිරිමි ඒකල ඉසව්ව සඳහා සහභාගි වන අතර එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 07 යි 30 ට ආරම්භවනවා. 

ඔහු පැරාඔලිම්පික් උළෙලට සහභාගි වන්නේ පළමුවරටයි. 

මීට අතරව මහේෂ් ජයකොඩි පිරිමි ඔරු පැදීමේ ඒකල තරග ඉසව්ව සඳහා සහභාගි වන අතර ඔහුගේ තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 7 ට ආරම්භවනවා. ඔහු 2019 ආසියානු පැරා ඔරු පැදීමේ තරගාවලියේ රිදී පදක්කම් ලාභියෙක්. 

සම්පත්  බණ්ඩාර සහභාගි වන්නේ පිරිමි දුනු විදීම තරග ඉසව්වටයි. එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 10 යි 30 ට ආරම්භවනවා. 

මෙය ඔහු පැරාලිම්පික් ක්‍රීඩා උළෙලකට එක්වන දෙවැනි අවස්ථාවයි. ඔහු 2019 වසරේ ආසියානු පැරා දුනු විදීමේ ශූරතාවලියේ රන් පදක්කමක් ද දිනාගෙන තිබෙනවා.