ටෝකියෝ පැරාලිම්පික් උලෙළේ පිරිමි කේවල රෝදපුටු ටෙනිස් ඉසව්වේ පලමු වටයේ තරගයක් සඳහා අද සහභාගී වූ ශ්‍රී ලංකාවේ සුරේෂ් රංජන් ධර්මසේන එහිදී චිලී රාජ්‍යයේ ඇලෙක්සැන්ඩර් කැටැල්ඩෝ හමුවේ පරාජයට පත්වුණා. ඒ, තරග වට 2 - 0 ක් ලෙසයි. තරගයේ ලකුණු සටහන 6 ට 3 ක් සහ 6ට 4 ක් ලෙස දැක්වුණා. ඒ අනුව රංජන් ධර්මසේනගේ ටෝකියෝ පැරාලිම්පික් ගමන නිමාවට පත්වනු ඇති.
මේ අතර ටෝකියෝ පැරාලිම්පික් උලෙළේ පිරිමි කේවල දුනුවිදීමේ රීකර්ව් ඉසව්වේ ශ්‍රේණිගත කිරීමේ වටයට සහභාගී වූ ශ්‍රී ලංකාවේ සම්පත් බණ්ඩාර එහිදී 23 වන ස්ථානය හිමිකර ගත්තා.
ඒ අනුව සම්පත් බණ්ඩාර 16 දෙනාගේ වටයට සුදුසුකම් ලැබීමේ තරගයේදී ශ්‍රේණිගත කිරීම් වටයේ 10 වැනි ස්ථානය හිමිකරගත් ඉන්දිය ක්‍රීඩකයා සමග තරග වැදීමට නියමිතයි. එම තරගය සැප්තැම්බර් මස 3 වැනිදා පැවැත්වෙනවා.