Thursday, May 2, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා පදක්කම් බලාපොරොත්තු 03ක් අද ටොකියෝ පැරාලිම්පික් තරග බිමට




ශ්‍රී ලංකා පදක්කම් බලාපොරොත්තු 03 ක් අද ටොකියෝ පැරාලිම්පික් තරග බිමට පිවිසෙනවා. 

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් ප්‍රියන්ත සහභාගි වන එෆ් 46 කාණ්ඩයේ හෙල්ල විසිකිරීමේ ඉසව්ව මෙරට වේලාවෙන් අද පෙරවරු 
07 යි 30 ට ආරම්භවීමට නියමිතයි. 

මේවනවිට ලෝක ශ්‍රේණිගත කිරීම්වල සිව්වන ස්ථානයේ පසුවන දිනේෂ් ප්‍රියන්ත, 2016 රියෝ පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේදී එම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වුණා. 

චමින්ද සම්පත් හෙට්ටිආරච්චි සහ සමිත දුලාන් සහභාගි වන එෆ් 44 කාණ්ඩයේ හෙල්ල විසි කිරීමේ ඉසව්ව මෙරට වේලාවෙන් අද පස්වරු 03 යි 30 ට ආරම්භ වනවා. 

චමින්ද සම්පත් හෙට්ටිආරච්චි ඩුබායිහි පැවති ලෝක පැරා මළල ක්‍රීඩා තරගාවලියේදී ලෝකඩ පදක්කම ද දිනා ගත්තා. 

සමිත දුලාන් එම තරගාවලියේදී සිව්වන ස්ථානය දිනාගත් අතර ඔහු 2018 වසරේ ඉන්දුනීසියාවේ පැවති ආසියානු පැරා ක්‍රීඩා උලෙලේදී ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වුණා.