Thursday, May 2, 2024

General line - 0115112241

 ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ නව පාපන්දු ලෝක වාර්තාවක් තබයි 




ලොව සුපිරි පාපන්දු ක්‍රීඩකයෙකු වන පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ නව පාපන්දු ලෝක වාර්තාවක් බිහි කර තිබෙනවා. 

ඒ, මෙතෙක් ජාත්‍යන්තර පාපන්දු පිටියේ වැඩිම ගෝල සංඛ්‍යාවක් රැස් කළ ක්‍රීඩකයා බවට පත්වෙමින්. 

36 හැවිරිදි රොනාල්ඩෝ මෙලෙස බිද දැමුවේ ඉරාන පාපන්දු ක්‍රීඩක අලී ඩේ පිහිටුවා තිබූ ලෝක වාර්තාවයි. 

1993 - 2006 කාලවකවානුවේදී ඔහු ජාත්‍යන්තර පාපන්දු ගෝල 109 ක් වාර්තා කරමින් එම වාර්තාව බිහිකර තිබුණා. 

ඊයේ අයර්ලන්තය සමග පැවති තරගයේදී ගෝල 2 ක් වාර්තා කරමින් පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ එම ලෝක වාර්තාව බිද හෙළුවා. 

ඒ අනුව මේ දක්වා ඔහු රැස්කර ඇති සමස්ත ජාත්‍යන්තර ගෝල සංඛ්‍යාව 111 ක්. 

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ගෝල 111 ත් සමගින් මෙම ලෝක වාර්තාව බිහි කළේ තරග 180 කට සහභාගි වෙමින්. 

එහි විශේෂත්වය වන්නේ ලොව නම් දැරූ සුප්‍රකට ක්‍රීඩකයින් කිසිවෙකුත් මෙම වාර්තාව ආසන්නයට හෝ පැමිණ නොතීබීමයි. 

සුප්‍රකට පාපන්දු ක්‍රීඩකයෙකු වූ බ්‍රසීලයේ පේලේ තරග 92 කදි ගෝල 77 ක් රැස්කර තිබෙනවා. මේ වනවිට ලොව අංක එකේ පාපන්දු ක්‍රීඩකයා වන ආර්ජන්ටිනාවේ ලයනල් මිසී ද තරග 151 කදී රැස් කර ඇත්තේ ගෝල 76 ක් පමණයි.