Thursday, May 2, 2024

General line - 0115112241

පැරාලිම්පික් උළෙලේදී ලක්මව බැබලවූ දිනේෂ් සහ දුලාන් වෙනුවෙන් කෝටි හතක මුදලක් වෙන් වෙයි 




ලෝක වර්තාවක් තබමින් ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලංකාවට පැරාලිම්පික් රන් පදක්කමක් දිනා දුන් දිනේෂ් ප්‍රියන්තට රුපියල් කෝටි පහක මුදල් ත්‍යාගයක් පිරිනැමීමට ක්‍රීඩා අමාත්‍යංශය තීරණය කර ඇති බව වාර්තාවනවා. 

ඒ අනුව මෙරට ක්‍රීඩා ඉතිහාසයේ තනි තරග ඉසව්වක ජයග්‍රහණයක් වෙනුවෙන් ක්‍රීඩකයෙක් වෙත පිරිනමනු ලබන ඉහළම ත්‍යාග මුදල ලෙසින් මෙය සටහන් වනු ඇති. 

මේ අතර පැරාලිම්පික් උළෙලේදී ලෝකඩ පදක්කමක් දිනාගත් සමිත දුලාන්ට මුදලින් රුපියල් කෝටි දෙකක්ද පිරිනැමීමට තීරණය වී ඇතැයි ක්‍රීඩා අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරනවා.