Friday, May 17, 2024

General line - 0115112241

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නායකත්වයේ වෙනසක්




ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන ඉදිරි එක්දින ක්‍රිකට් තරග සඳහා සහභාගී වන දකුණු අප්‍රිකා කණ්ඩායමේ නායකත්වය වෙනස් කර තිබෙනවා. ඒ, කොළඹ ආර් ප්‍රේමදාස පිටියේ ඊයේ පැවති පළමු එක්දින තරඟය අතරතුරදී දකුණු අප්‍රිකානු නායක, ටෙම්බා බවුමා තුවාල ලැබීමත් සමගයි. 

ඒ අනුව ඉදිරි තරඟ දෙක සඳහා දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නායකයා ලෙස දඟපන්දු යවන ක්‍රීඩක කේෂාව් මහරාජ් නම්කර තිබෙනවා. ඊයේ පැවති තරඟයේදී වනිඳු හසරංග කඩුලු රකින්නා වෙත එවූ පන්දුවක් දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නායකයාගේ දකුණු අතේ මහපට ඇඟිල්ලේ වැදීමෙන් තුවාල ලැබූවා.

ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා දෙවන එක්දින තරගය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී හෙට පැවැත්වීමට නියමිතයි.