Friday, May 17, 2024

General line - 0115112241

දකුණු අප්‍රිකා සහ ශ්‍රී ලංකා දෙවන එක්දින ක්‍රිකට් තරඟය අද




සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින ක්‍රිකට් තරඟය අද පැවැත්වෙනවා. 

ඒ, දිවා රාත්‍රී තරඟයක් ලෙසයි. තරඟය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී අද පස්වරු 02 යි 30 ට ආරම්භ වීමට නියමිතයි.

දෙරට අතර පැවති පළමු එක්දින ක්‍රිකට් තරඟයයෙන් ශ්‍රී ලංකාව ලකුණු 14 ක ජයක් අත්කරගත්තා. එම තරඟය ඉතිහාසයට එක් වුණේ දකුණු අප්‍රිකාවට එරෙහිව වසර 03 කට පසු ලැබූ පළමු එක්දින ජය ලෙසයි. 

ඒ අනුව අද තරඟය ජයගතහොත් ශ්‍රී ලංකාවට තරඟාවලියේ ජය අත්කර ගැනීමට හැකි වනවා. 

එලෙස දකුණු අප්‍රිකාවට එරෙහි ශ්‍රී ලංකාවට එක්දින ක්‍රිකට් තරඟාවලියක් ජය ගැනීමට අවස්ථාව උදාවී ඇත්තේ 2013 වසරෙන් පසු ප්‍රථම වරට වීම කැපී පෙනෙන අවස්ථාවක්.

ශ්‍රී ලංකා පිළ අද තරඟය හා තුන්වන එක්දින තරඟයද ජය ගතහොත් ඔවුන්ට දකුණු අප්‍රිකාවට එරෙහිව පූර්ණ එක්දින තරඟාවලි ජයක් ලැබීමටද අවස්ථාවක් හිමි වනවා. 

එලෙස දකුණු අප්‍රිකාවට එරෙහිව පූර්ණ එක්දින තරඟාවලි ජයක් ලැබීමට ශ්‍රී ලංකාවට අවස්ථාව උදා වන්නේ 2004 වසරෙන් පසු පළමු වරටයි.