Friday, May 17, 2024

General line - 0115112241

රෝයි ඩයස්ගේ වාර්තාවක් බිද හෙලිමට අවිශ්කට අවස්ථාවක්




අඩුම ඉනිම් සංඛ්‍යාවකදී එක්දින ලකුණු දහසේ සිමාව පසු කළ ශ්‍රී ලාංකික පිතිකරුවා ලෙස රෝයි ඩයස් පිහිටුවා තිබූ වාර්තාවක් බිද හෙලීමට යොවුන් ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දුට මෙවර අවස්ථාවක් හිමිව තිබෙනවා. 

රෝයි ඩයස් මෙම වාර්තාවට හිමිකම් කියන්නේ එක්දින ඉනිම් 27කදී එක්දින ලකුණු දහස  පසු කරමින්. අවිශ්ක ප්‍රනාන්දු මේ වන විට එක්දින ඉනිම් 24කට එක්වෙමින් එක්දින ලකුණු 946ක් රැස් කර තිබෙනවා. ඒ අනුව අවිශ්ක ප්‍රනාන්දුට මෙම වාර්තාව බිද හෙලීමට තවත් අවශ්‍යව ඇත්තේ ඉනිම් දෙකකදී ලකුණු 54ක් පමණයි. 

ඒ අනුව රෝයි ඩයස් විසින් මීට වසර 36කට පෙර එනම් 1985 වසරේදී තැබූ මෙම වාර්තාව බිද හෙලීමට අවිශ්ක ප්‍රනාන්දුට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමග පැවැත්වෙන ඉදිරි එක්දින තරග දෙකේදී කදිම අවස්ථාවක් හිමිව තිබෙනවා.

 අඩුම ඉනිම් සංඛ්‍යාවකදී එක්දින ලකුණු දහස පසුකළ පිතිකරුවා ලෙස ලෝක වාර්තාව පිහිටුවා ඇත්තේ පාකිස්තානයේ ෆකාර් සමාන්. ඔහු එක්දින ඉනිම් 18කදී මෙම කඩඉම පසුකර තිබුණා. එම ලැයිස්තුවේ දෙවන තැන පසුවන්නේ පාකිස්ථානයේම ඉමාමුල් හක්. ඔහු එක්දින ලකුණු දහස පසු කිරීම සදහා වැය කර තිබුණේ ඉනිම් 19ක් පමණයි.

රොයි ඩයස්ගෙන් පසු අඩුම එක්දින ඉනිම් සංඛ්‍යාවකින් ලකුණු දහස පසු කළ ශ්‍රී ලාංකික පිතිකරුවන්නේ උපුල් තරංග, දිනේෂ් චන්දිමාල්, නිරෝෂන් දික්වැල්ල සහ චාමර සිල්වායි. 

උපුල් තරග එක්දින ඉනිම් 28කදී, දිනේෂ් චන්දිමාල් එක්දින ඉනිම් 30 කදී, නිරෝෂන් දික්වැල්ල එක්දින ඉනිම් 30කදී සහ  චාමර සිල්වා එක්දින ඉනිම් 31කදී එක්දින ලකුණු දහස පසු කර තිබුණා. මේ අතර ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා දෙවන එක්දින තරගය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිඩාංගණයේදී අද පස්වරුවේ පැවැ්වීමට නියමිතයි. තරගය පස්වරු 2.30ට ආරම්භ වනවා.