Friday, May 17, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවට ලකුණු 284ක ඉලක්කයක්




සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර  පැවැත්වෙන දෙවන එක්දින ක්‍රිකට් තරගය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී දැන් පැවැත්වෙනවා. මෙම තරගයට වාර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා එක් ඉනිමක් පන්දුවාර 47 කට සීමා කෙරුණා. 

තරගයේ කාසියේ වාසය දිනූ දකුණු අප්‍රිකානු කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඒ අනුව ඔවුන් මීට නොබෝ වේලාවකට පෙර පන්දුවාර 47කදී කඩුළු 06ක්  දැවී ලකුණු 283ක් ලබා ගත්තා.

ජේ මාලන් නොදැවී ලකුණු 121ක් රැස් කරනු ලැබු අතර රීසා හෙන්ඩ්රික්ස් ලකුණු 51ක් රැස් කරනු ලැබුවා.