Monday, May 6, 2024

General line - 0115112241

තීරණාත්මක තරගයේදී ශ්‍රී ලංකා ඉනිම ලකුණු 203 කට සීමා වෙයි




සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කන්ඩායම අතර එක්දින ක්‍රිකට් තරඟාවලියේ තුන්වන සහ අවසන් තරඟය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී මේ වන විට පැවැත්වෙනවා. 

කාසියේ වාසිය හිමි කරගෙන පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඬුලු 09 ක් දැවී රැස්කළේ ලකුණු 203 ක් පමණයි. චරිත් අසලංක ලකුණු 47 ක් රැස් කළ අතර ධනංජය ද සිල්වා ලකුණු 31 ක් රැස් කළා. දුස්මන්ත චමීර ලකුණු 29 යි. පන්දු යැවීමේදී කේෂොව් මහරාජ් ලකුණු 38 කට කඩුලු 03 ක් දවා ගත් අතර තබ්රිස්ක් ශම්සි ලකුණු 31 කට කඩුලු 02 ක් දවා ගත්තා. 

ලකුණු 204 ක ඉලක්කයක් හඹා යන දකුණු අප්‍රිකානු කණ්ඩායම මීට සුලු මොහොතකට පෙර පන්දුවාර 9.1 ක් අවසානයේ කඩුලු 04 ක් දැවී ලකුණු 45 ක් රැස් කරගෙන සිටියා. ඒ අනුව මෙම තරගය ජය ගැනීමට දකුණු අප්‍රිකානු කන්ඩායම පන්දුවාර 45 කදී තවත් ලකුණු 185 ක් ලබාගත යුතු වනවා.