Thursday, May 9, 2024

General line - 0115112241

මහජන උද්ඝෝෂණ හේතුවෙන් ඇෆ්ගනිස්තානය යළි නොසන්සුන්




දහස් ගණන් ජනතාව ඇෆ්ගනිස්තානයේ නගර ගණනාවක දී පකිස්තාන මැදිහත්වීම්වලට එරෙහිව උද්ඝෝෂණ ආරම්භ කිරීම හේතුවෙන් එරට තුළ යළිත් දැඩි නොසන්සුන්තා හටගෙන ඇතැයි වාර්තාවනවා.

විදෙස් මාධ්‍යය අද වාර්තා ක⁣ළේ අද උදෑසන කාබුල් අගනුවර පිහිටි පකිස්තාන තානාපති කාර්යාලය ඉදිරිපිටට රැස්වූ දහසකට අධික පිරිසක් පැය ගණනාවක් උද්ඝෝෂණවල නිරත වූ බවයි.

උද්ඝෝෂකයන් පළවා හැරීම සදහා තලේබාන් සාමාජිකයන් අහසට වෙඩි තබා ඇතැයි ද සදහන්.

මෙි අතර තවත් උද්ඝෝෂකයන් පිරිසක් කාබුල්හි පිහිටි සිටි හෝටලය ඉදිරිපිට ද මෙවැනිම උද්ඝෝෂණයක් පවත්වා ඇතැයි වාර්තා වනවා.

පකිස්තාන විරෝධී සටන් පාඨ කියමින් එම උද්ඝෝෂණ පැවැත්වීමට හේතුවී ඇත්තේ පසුගියදා ඇෆ්ගනිස්තානයේ සංචාරයක නිරත වූ පකිස්තාන බුද්ධි ප්‍රධානී ෆායිස් හමීඩ් නවාතැන් ගෙන සිට ඇත්තේ එම හෝටලයේ වීම නිසායි.

ඇෆ්ගනිස්තානය තුළ පකිස්තානයට පක්ෂපාතී රෑකඩ ආණ්ඩුවක් පිහිටුවීමට උත්සහ දරන බවටත්, ඒ වෙනුවට තමන්ට අවශ්‍යව ඇත්තේ සියලු පාර්ශවවල නියෝජනයක් සහිත පුලුල් එකගතා රජයක් බවත් උද්ඝෝෂකයන් මෙහිදී සදහන් කර සිටියා.

ඊයේ පස්වරැවේ  බාක්,ඩයිකුන්ඩ් සහ හේරාට් ප්‍රාන්තවලද මෙවැනිම ආකාරයේ උද්ඝෝෂණ පවත්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සදහන්.

මෙි අතර, පකිස්තානය ඇෆ්ගනිස්තානය තුළ සිදුකරන මැදිහත්වීම්වලට ඉරානය සිය විරෝධය පළ කර තිබෙනවා.

ඉරාන විදේශ අමාත්‍යාංශය ප්‍රකාශයකයෙකු සදහන් කර ඇත්තේ විදේශ ගුවන් යානා පන්ජ්ෂීර් ප්‍රහාරවලදී තලේබාන්වරැන්ගේ සහයට ප්‍රහාර එල්ල කර ඇති බවට වන විධිමත් පරීක්ෂණයක් පැවැත්වීය යුතු බවයි.