Monday, May 6, 2024

General line - 0115112241

නවක දග පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණගෙන් වාර්තා පිට වාර්තා 




නවක දග පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ ඊයේ නව වාර්තා කිහිපයක්ම පිහිටුවීමට සමත්ව තිබෙනවා. 

එහිදී 21 වන සියවසේ උපත ලබා ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින වරම් දිනා ගත් පළමු ක්‍රීඩකයා වන්නේ ඔහුයි.

එමෙන්ම යොමු කළ පළමු පන්දුවෙන්ම කඩුල්ලක් දවා ගනිමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර එක්දින පිටියේ යවනු ලැබූ පළමු පන්දුවෙන්ම කඩුල්ලක් දවා ගත් සිව්වැනි ක්‍රීඩකයා ලෙස ද මහීෂ් තීක්ෂණ ඉතිහාසගත වුණා.

ඊයේ තරගයේ දී ලකුණු 37කට කඩුලු 4ක් දවා ගනිමින් මහීෂ් තීක්ෂණ වාර්තා අතරට එක් වුණේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර එක්දින වරම් දිනා ගත් තරගයේ දී දග පන්දු යවන්නෙකු දැක් වූ හොදම පන්දු යැවීමේ දක්ෂතාවය ප්‍රදර්ශනය කරමින්.

ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින වරම් දිනා ගත් තරගයේ දී පන්දු යවන්නෙකු වාර්තා කළ පස් වැනි හොදම පන්දු යැවීමේ දක්ෂතාව වන්නේ ද මහීෂ් තීක්ෂණ ඊයේ පෙන්නුම් කළ දක්ෂතාවයි.