Saturday, May 4, 2024

General line - 0115112241

ඇෆ්ගනිස්තාන නව ආණ්ඩුවේ වැඩි පිරිසක් තහනම් ලැයිස්තුවේ - එක්සත් ජාතීන් දැඩි කණස්සල්ලෙන්




ඇෆ්ගනිස්තානයේ නව ආණ්ඩුවේ ප්‍රධානීන්ගෙන් වැඩි පිරිසක් එක්සත් ජාතීන්ගේ සම්බාධක ලැයිස්තුවට ඇතුළත්ව සිටින්නන් වීම සම්බන්ධයෙන් ආරක්ෂක මණ්ඩලයේ දැඩි කණස්සල්ල පළවී තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ ඇෆ්ගනිස්තාන විශේෂ නියෝජිත ඩෙබොරා ලියොන් පසුගියදා මහා මණ්ඩලය හමුවේ නවතම තත්වය පිළිබද අනාවරණයක්  සිදුකළා.

එහිදී ඇය පෙන්වා දුන්නේ නව තලේබාන් ආණ්ඩුවේ සාමාජිකයන් 33 දෙනාගෙන් වැඩි පිරිසක් එක්සත් ජාතීන්ගේ සම්බාධක ලැයිස්තුවට ඇතුළත්වූවන් බවයි.

ඒ අතර නව තලේබාන් ආණ්ඩුවේ අගමැති,නියෝජ්‍ය අගමැතිවරැන් දෙදෙන මෙන්ම විදේශ අමාත්‍යවරයාද වනවා.

මීට අමතරව ,නව ආණ්ඩුව පුලුල් එකක් නොවන අතර එය  සම්පූර්ණයෙන්ම සෑදී ඇත්⁣තේ තලේබාන් සාමාජිකයන්ගෙන් පමණයි.

ඩෙ⁣බොරා ලියොන් පෙන්වා දී ඇති ආකාරයට,ඊට කාන්තාවන්, හිටපු ආණ්ඩුවල අත්දැකීම් සහිත නි⁣යෝජිතයන්, සුලුජාතික නියෝජිතයන් කිසිවෙකුත් ඇතුළත් කර නැහැ.

මේ හේතුවෙන් ඇෆ්ගනිස්තානයේ නව තලේබාන් ආණ්ඩුව සමග ගනුදෙනු කිරීම ඉතා දුෂ්කර වනු ඇති බව එක්සත් ජාතීන්ගේ ආයතනවල අදහස වී තිබෙනවා.