Wednesday, May 8, 2024

General line - 0115112241

අඩුපාඩු හදාගෙන ඉදිරි තරග 02කට මුහුණ දෙනවා - වනිදු හසරංග




සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සමග පැවැති පළමු 20 යි 20 ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවූ අඩුපාඩු මගහරවා ගනිමින් ඉදිරි තරග 02 සඳහා මුහුණ දෙන බව දගපන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග පවසනවා. ඊයේ පැවති තරගයෙන් පසුව පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව පැවසුවා.

ඊයේ පැවැති තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදුන් ආකාරය සම්බන්ධයෙන් ද මෙහිදී මාධ්‍යවේදියෙකු ගපන්දු යවන ක්‍රීඩක වනිදු හසරංගගෙන් ප්‍රශ්න කළා. 

ශ්‍රී ලංකා කණ්ඩායම සමග කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැති පළමු 20 යි 20 ක්‍රිකට් තරගය සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම ජය ගත්තේ ලකුණු 28 කින්. කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුළු 05 ක් දැවී ලකුණු 163 ක් රැස්කළා. ඊට පිළිතුරු වශයෙන් නියමිත පන්දුවාර 20 දී කඩුළු 06 ක් දැවී ශ්‍රී ලංකා කණ්ඩායමට රැස්කර ගත හැකිවූයේ ලකුණු 135 ක් පමණයි.