Tuesday, May 7, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා 02 වන 20 යි 20 ගැටුම අද




සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන පන්දුවාර 20 ක්‍රිකට් තරගය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී අද පැවැත්වෙනවා. 

තරගය ආරම්භ වන්නේ රාත්‍රී 07 ටයි. තරග 03 කින් සමන්විත මෙම 20 යි 20 තරගාවලියේ 1 ට 0 ක් ලෙස දකුණු අප්‍රිකානු කණ්ඩායම පෙරමුණේ පසුවනවා. ඔවුන් පළමු තරගය ජය ගත්තේ ලකුණු 28 කින්. අද තරගය සඳහා භානුක රාජපක්ෂ වෙනුවට කුසල් ජනිත් පෙරේරා ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවනු ඇති බවයි වාර්තා වන්නේ. 

මේ අතර එළඹෙන 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතය, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත යොමු කර ඇති බව ද වාර්තා වනවා. 

මෙවර 20 යි 20 ලෝක කුසලාන තරගාවලියට එක්වන රටවල් 16 න් රටවල් 15 ක්ම සිය සංචිත ප්‍රකාශයට පත් කර තිබෙනවා. 

ඒ අනුව අදාළ සංචිතය මෙතෙක් ප්‍රකාශයට පත් නැත්තේ ශ්‍රී ලංකාව පමණයි. ඇෆ්ගනිස්තානය,ඔස්ට්‍රේලියව , බංග්ලාදේශය, එංගලන්තය, ඉන්දියාව, අයර්ලන්තය, නැමීබියාව, නෙදර්ලන්තය, නවසීලන්තය, ඕමානය, පකිස්තානය, පැපුවා නිව්ගිනියාව, ස්කොට්ලන්තය, බටහිර ඉන්දීය කොදෙව් සහ දකුණු අප්‍රිකාව යන රටවල් මේවනවිට සිය සංචිත ප්‍රකාශයට පත් කර තිබෙනවා. පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඔක්තෝම්බර් මස 17 වනදා ආරම්භ වීමට නියමිතයි. පළමු වටයේ තරග ඕමානයේදී පැවැත්වෙන අතර සුපිරි කණ්ඩායම් 12 වටය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙනවා.