Wednesday, May 8, 2024

General line - 0115112241

අමෙරිකානු විවෘත ටෙනිස් කිරුල ජොකොවිච්ට අහිමි වෙයි




ලොව එකේ ටෙනිස් ශූරයා වන සර්බියාවේ නොවැක් ජොකොවිච් පරාජය කරමින් මෙවර අමෙරිකානු විවෘත ටෙනිස් තරගාවලියේ පිරිමි කේවල අංශයේ ශූරතාව දිනා ගැනීමට රුසියාවේ ඩැනියල් මෙද්වෙදෙව් ඊයේ සමත්වුණා.

ඔහු දිනා ගත් පළමු ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතාව ද මෙය වනවා. 

අවසන් මහා තරගයේදී රුසියාවේ ඩැනියල් මෙද්වෙදෙව් විසින් සර්බියාවේ නොවැක් ජොකොවිච් පරාජයට පත් කළේ වට 3 ට බින්දුවක් ලෙසයි. තරග වට තුනේම ලකුණු සටහන දැක්වුණේ 6 ට 4 ක් ලෙසයි. 

25 හැවිරිදි ඩැනියල් මෙද්වදිව් මීට පෙර පැවති ග්‍රෑන්ඩ් ස්ලෑම් අවසන් තරග දෙකක දී පරාජයට පත්ව තිබුණා. කෙසේවෙතත් ඔහු ග්‍රෑන්ඩ් ස්ලෑම් අවසන් තරග තුනක් පරාජයට පත් 06 වන ටෙනිස් ක්‍රීඩකයා බවට පත්වීම වළක්වාලමින් තෙවන අවසන් තරගයේදී ජයග්‍රහණය කිරීම විශේෂත්වයක්. 

ඒ අනුව මෙම වසරේදී ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා 4ක් දිනාගැනීමට තිබූ අවස්ථාව ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩකයා වන සර්බියේ නොවැක් ජොකවික්ට මෙහිදී අහිමි වී ගියා. 

නොවැක් ජොකවික් මෙම වසරේ පැවති ඔස්ටේ්‍රලියා, ප්‍රංශ සහ විම්බල්ඩන් ටෙනිස් ශූරතා දිනා ගැනීමට සමත් වුණා.