Friday, May 17, 2024

General line - 0115112241

ආබාධයට ලක් වූ කුසල් ජනිත් ගැන තීරණයක් ගනී




දකුණු අප්‍රිකාව සමග පැවති 3 වන සහ අවසන් පන්දුවාර විස්ස තරගයේදී ආබාධයකට ලක් වූ කුසල් ජනිත් පෙරේරා සම්බන්ධයෙන් ක්‍රිකට් බලධාරීන් විශේෂ තීරණයක් ගෙන තිබෙනවා. 

ඒ, එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානය සදහා කුසල් ජනිත්ගේ සහභාගිත්වය තහවුරු කරමින්. කෙසේවෙතත් ලෝක කුසලාන තරගාවලියට පෙර පැවැත්වෙන ඕමාන තරගාවලියේදී ඔහු විවේක ගන්වනු ඇති. 

ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර තිබුණේ කුසල් ජනිත් පෙරේරාගේ ආබාධය සම්බන්ධයෙන් අවසන් තීරණය ඉදිරියේදී සිදුකරන පරීක්‍ෂණ මත තීරණය වනු ඇති බවයි. 

ඔහුගේ ලෝක කුසලාන සහභාගිත්වය මේ වනවිට අවදානමක පවතින බවටද ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණා. එවන් පසුබිමකයි විස්සයි විස්ස ලෝක කුසලානය සදහා කුසල් ජනිත් සහභාගි වන බව ක්‍රිකට් බලධාරීන් විසින් නෙත් ස්පෝර්ට්ස්මන් වෙත තහවුරු කරනු ලැබුවේ.

දකුණු අප්‍රිකාව සමග පැවති අවසන් තරගයේදී තුන් ඉරියව් ක්‍රීඩක ලහිරු මදුසංකද ආබාධයකට ලක් වුණා. ඒ අනුව ඔහු ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් කිරීමටයි තීරණය කර ඇත්තේ. 

ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ ලහිරු මදුසංක වෙනුවට ආදේශ ක්‍රීඩකයෙකු ශ්‍රී ලංකා සංචිතයට එක්කරනු ඇති බවයි.