Thursday, May 2, 2024

General line - 0115112241

IPL ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග නැරඹීම සදහා ප්‍රේක්‍ෂකයින්ට අවස්ථාව




සැප්තැම්බර් 19 වනදා ආරම්භ වන අයි පී එල් ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග නැරඹීම සදහා ප්‍රේක්‍ෂකයින්ට අවස්ථාව ලබාදී තිබෙනවා. 

මෙම තරග පැවැත්වෙන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේයි. ඒ අනුව මෙලෙස අයි පී එල් තරගාවලියක් නැරඹීමට ක්‍රිකට් ප්‍රේක්‍ෂකයින්ට අවස්ථාව උදා වන්නේ වසර දෙකකට පසු ප්‍රථම වරටයි. 

කෙසේවෙතත් ක්‍රීඩාංගණවලට ඇතුළු කර ගන්නා ප්‍රේක්‍ෂකයින් සංඛ්‍යාව සීමා කරනු ඇති බවත් කොන්දේසි රැසක් පනවනු ඇති බවත් වාර්තා වනවා. සම්පූර්ණ එන්නත්කරණයට ලක්වී තිබීම ඒ අතරින් ප්‍රධානයි.

ඉන්දියාවේ පැවති අයි පී එල් ක්‍රිකට් තරගාවලිය අතරමග නතර කිරීමට සිදුවූයේ කොවිඩ් වසංගතය හේතුවෙන්. එළඹෙන ලෝක කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය මෙවර පැවැත්වෙන්නේ ද එක්සත් අරාබි එමීර් රාජ්‍යයේයි. ඒ අනුව අයි පී එල් ක්‍රිකට් තරගාවලියේ ප්‍රේක්‍ෂක සහභාගිත්වය, ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා පෙරහුරුවක් ලෙස යොදාගනු ඇති බවටයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ.

මෙවර අයි පී එල් ක්‍රිකට් තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායමේ වනිදු හසරංග සහ දුෂ්මන්ත චමීර මේ වනවිට සිය කණ්ඩයම සමග එක්වී තිබෙනවා. ඔවුන් මෙවර එක් වී ඇත්තේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමටයි.