Wednesday, May 8, 2024

General line - 0115112241

ජපානයේ ජනතාවටත් කොරෝනා මර්දන එන්නතේ තුන්වන මාත්‍රාවක්




ජපානයේ ජනතාවටත් කොරෝනා මර්දන එන්නතේ තුන්වන මාත්‍රාවක් ලබා දීමට එරට බලධාරීන් සූදනම් වනවා. 

විදෙස් වාර්තා පැවසුවේ ජනතාවට බූස්ටර් මාත්‍රාවක් ලබාදීම සදහා ජපන් රජය අනුමැතිය ලබාදී ඇති බවයි. 

ඒ අනුව ජනතාවට තුන්වන මාත්‍රාවක් ලබාදීමට අවශ්‍ය කටයුතු මේවනවිට සම්පාදනය කරමින් සිටින බවයි ජපානයේ එන්නත්කරණය භාර අමාත්‍යාවරයා පවසන්නේ. 

දැනට සැලසුම් කර ඇති පරිදි මෙම වසර අගදී ජපානයේ සෞඛ්‍ය සේවකයින් සදහා කොරෝනා මර්දන එන්නතේ තුන්වන මාත්‍රාව ලබාදීමට නියමිතයි. ලබන වසර මුල වනවිට ජපානයේ වැඩිහිටි ප්‍රජාවට බූස්ටර් මාත්‍රාවක් ලබාදීමටයි සැලසුම් සකස් කරමින් ඇත්තේ.

එරට ජනගහනයෙන් සියයට 53 කට මේවනවිට කොරෝනා මර්දන එන්නත ලබාදී තිබෙනවා. ජපාන වැඩිහිටි ජනතාවගෙන් සියයට 90 කට ද මේ වනවිට කොරෝනා මර්දන එන්නත ලබාදී අවසන් බව විදෙස් වාර්තා සදහන් කළා.