Friday, May 3, 2024

General line - 0115112241

ලෝක ආරක්ෂක සේවා බොක්සිං තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 02 ක්




රුසියාවේ මොස්කව් අගනුවර පැවති 58 වැනි ලෝක ආරක්ෂක සේවා බොක්සිං ශූරතා තරගාවලයේදී ලෝකඩ පදක්කම් දෙකක් දිනා ගැනීමට 
ශ්‍රී ලංකාව සමත්ව තිබෙනවා. 

පිරිමි ලයිට් ෆ්ලයි වේට් කිලෝග්‍රෑම් 49 බර පන්තියෙන් තරග වැදුණු යුද හමුදාවේ සජීව නුවන් කුමාර සහ කාන්තා කිලෝග්‍රෑම් 75 බර පන්තියෙන් තරග වැදුණු ගුවන් හමුදාවේ ගයනි නිසංසලා ශ්‍රී ලංකාවට මෙම පදක්කම්  දිනා දුන්නා. 

සජීව නුවන් කුමාර දෙවරක් ජාතික බොක්සිං ශූරයා ලෙස ද සම්මාන දිනාගෙන තිබෙනවා.

ඔහු 2019 දකුණු ආසියානු තරගාවලියේදී ශ්‍රී ලංකාව ද නියෝජනය කළා. 

අනෙක් ලෝකඩ පදක්කම දිනා ගත් ගුවන් හමුදාවේ ගයනි නිසංසලා ජාතික මට්ටමේ බොක්සිං ජයග්‍රහණ රැසක්ද ලබා තිබෙනවා. 

මෙවර රුසියාවේ මොස්කම් අගනුවර පැවති 8 වැනි ලෝක ආරක්ෂක සේවා බොක්සිං ශූරතා තරගාවලිය සදහා රටවල් 36 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 230 කට අධික සංඛ්‍යාවක් සහභාගි වුණා.