Monday, May 6, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා වරලත් ජනමාධ්‍යවේදී ආයතනය පිහිටුවීමට කැබිනට් අනුමැතිය




ශ්‍රී ලංකා වරලත් ජනමාධ්‍යවේදී ආයතනය නමින් උසස් අධ්‍යාපන පර්යේෂණ හා පුහුණු ආයතනයක් පිහිටුවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකට අනුවයි.

අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූයේ මෙලෙසයි.

ජනමාධ්‍ය ක්ශේත්‍රයේ ප්‍රවීණයින්ගේ අදහස් ලබා ගනිමින් එම ආයතනය පිහිටුවන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.