Sunday, April 28, 2024

General line - 0115112241

මුතුරාජවෙළ අභයභූමිය ආසන්නයේ සිදු කරන ඉදිකිරීම පරීක්ෂාව සඳහා කණ්ඩායමක්




මුතුරාජවෙළ අභයභූමිය ආසන්නයේ සිදු කරන ඉදිකිරීම පරීක්ෂාව සඳහා මධ්‍යම පරිසර අධිකාරිය හා වනජීවි අමාත්‍යාංශයේ විමර්ශන කණ්ඩායම් යොදවන ලෙස පරිසර අමාත්‍ය  මහින්ද අමරවීර උපදෙස් දී තිබෙනවා.

එහිදී උපදෙස් දී ඇත්තේ මුතුරාජවෙළ අභයභූමිය ආසන්නයේ සිදු කෙරෙන ඉදි කිරීම් සම්බන්ධව නෛතික තත්ත්වය හා එම ඉදිකිරීම් මගින් මුතුරාජවෙළ අභය භූමියට හා එහි ප්‍රේරණ කළාපයට හානියක් සිදුවන්නේ ද යන්න වහාම සොයා බලන ලෙසයි.

ඉදිකිරිම් කිහිපයක් මුතුරාජවෙළ අභයභූමියෙන් බැහැර ඇති නෝනාගේවෙල නැමැති ස්ථානයේ සිදුවන බව මේ වනවිට හදුනාගෙන තිබෙනවා.

එම ඉදිකිරීම් සිදු කරන්නේ නම් ඊට අදාල බලතල ඇති සෙසු ආයතනවල ද අනුමැතිය මත සුදුසු පියවර ගන්නා ලෙසයි අමාත්‍යවරයා බලධාරීන්ට දැනුම් දී ඇත්තේ.

එවැනි ඉදිකිරීමක් සිදු කරන්නේ නම් පාරිසරික වාර්තාවක් ද අනිවාර්යෙන් ලබා ගත යුතු වනවා.

ඒ සම්බන්ධයෙන්ද වැඩිදුර විමර්ශනයක් සදහා විශේෂ විමර්ශන කණ්ඩායමක් අදාළ ප්‍රදේශයට යවා වාර්තාවක් ලබා ගන්නා ලෙසයි අමාත්‍ය මහින්ද අමරවීර නිලධාරින්ට උපදෙස් දී ඇත්තේ.