Monday, April 29, 2024

General line - 0115112241

විස්සයි විස්ස ලෝක කුසලානයේ තවත් තරග දෙකක් අද




විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තවත් තරග දෙකක් අද පැවැත්වෙනවා. 

ඒ අතරින් පළමු තරගය පැවැත්වෙන්නේ බී කාණ්ඩයෙන් තරගවදින පැපුවානිව්ගිනියාව සහ ස්කොට්ලන්තය අතරයි. ස්කොට්ලන්තය බංගලාදේශ කණ්ඩායම පරාජය කරමින් ප්‍රසාද ලකුණු දෙකක් ලබමින් බී කාණ්ඩයේ දෙවන ස්ථානයේ රැදී සිටිනවා. 

පැපුවානිව්ගිනියාව ඕමානය සමග පැවති තරගයේදී පරාජයට පත් වු අතර ප්‍රසාද ලකුණු සටහනේ රැදී සිටින්නේ සිව් වෙනි ස්ථානයේයී. 

අද රාත්‍රීයේ පැවැත්වෙන අනෙක් තරගයේදී බී කාණ්ඩය නියෝජනය කරන ඕමානය සහ බංග්ලාදේශය තරග වදිනවා. ස්කොට්ලන්තය හමුවේ අනපේක්ෂිත පරාජයක් ලැබූ බංග්ලාදේශ කණ්ඩායමට මෙම තරගය තීරණාත්මක වනු ඇති. 

බී කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ ඕමානය පළමු ස්ථානයේ රැදී සිටිනවා. බංග්ලාදේශයට හිමිව ඇත්තේ ප්‍රසාද ලකුණු සටහනේ තුන්වන ස්ථානයයි.