Monday, April 29, 2024

General line - 0115112241

මහේලගේ ආගමනයෙන් ශ්‍රී ලංකා පිලේ සිදු වූ වෙනස ගැන භානුක කතා කරයි




මැදපෙල පිතිකරුවෙකු ලෙස තමන් වෙත වැඩි වගකීමක් පැවරී ඇති බව ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරු භානුක රාජපක්ෂ පවසනවා. 

නැමීබියාවට එරෙහිව ඊයේ පැවති තරගය ජය ගැනීමෙන් පසු පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව කියා සිටියා.

 මහේල ජයවර්ධන කණ්ඩායමේ උපදේශකයෙකු ලෙස පත් වීමත් සමග සිදුවූ වෙනස්කම් පිළිබඳ භානුක රාජපක්ෂ එහිදී අදහස් පළ කළේ මෙලෙසයි. 

මේ අතර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ස්කොට්ලන්තය සහ පැපුනිව්ගිනියාව අතර පැවති තරගය ලකුණු 17කින් ජය ගැනීමට ස්කොට්ලන්ත කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර සමත් වූණා. මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් ස්කොට්ලන්ත කණ්ඩායම පන්දුවාර 20තුළ කඩුලු 09ක් දැවී ලකුණු 165ක් රැස් කළා. 

රිචී බෙරින්ටන් පන්දු 49කදී ලකුණු 70ක් රැස් කළේ 04 පහර 06ක් සහ 06 පහර 03ක්ද සමගයි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කර පැපුනිව්ගිනියා කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 03කදී සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 148ක් පමණයි.