කිසිදු ගුරුවරයෙකුගේ වැටුප් කප්පාදු කිරීමට ඉඩ නොතබන බව ගුරු - විදුහල්පති වෘත්තිය සමිති සංධානය පවසනවා. ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ පැවසුවේ ලබන 21 වනදායින් පසු වර්ජනයේ නිරත වන ගුරුවරුන්ගේ වැටුප් අත්හිටුවන බවට වයඹ පළාත් ආණ්ඩුකාරවරයා කර ඇති ප්‍රකාශය ඉල්ලා අස්කරගන්නා ලෙස ඔහුට බල කරන බවයි. එවැනි බලයක් පළාත් ආණ්ඩුකාරවරයෙකුට නොමැති බවද ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම්වරයා පෙන්වා දුන්නා.
මේ අතර ලබන 25 වනදා සිට පාසැල්වල අධ්‍යන කටයුතු සඳහා සහභාගි වීමට ගුරු - විදුහල්පති වෘත්තිය සමිති සංධානය ගෙන ඇති තීරණය වෘත්තිය අරගලය පාවාදීමක් බවට තවත් ගුරු විදුහල්පති සංගම් කිහිපයකින් චෝදනා එල්ල වනවා. මෙම චෝදනාවලටද ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ ප්‍රතිචාර දැක්වූවා.