Monday, April 29, 2024

General line - 0115112241

විස්සයි 20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා අයර්ලන්ත ගැටුම අද රාත්‍රියේ




පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාක ක්‍රිකට් තරඟාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන තවත් තරඟයක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ, අයර්ලන්තය සමඟයි. මෙම තරඟය මෙරට වේලාවෙන් අද රාත්‍රී 7 යි 30 ට ආරම්භ වනවා.

ශ්‍රී ලංකා කන්ඩායම මෙම තරඟාවලියේ තමන් සහභාගී වූ පළමු තරඟයේදී නැමීබියා කන්ඩායම පරාජය කරමින් කඩුලු 07 ක ජයක් අත්කර ගත්තා. අයර්ලන්ත කණ්ඩායම තමන් සහභාගි වූ පළමු තරඟය ජය ගත්තේ නෙදර්ලන්තය කඩුලු 07 කින් පරාජය කරමින්. ඒ අනුව A කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයේ ශ්‍රී ලංකා කණ්ඩායම රැදී සිටින අතර එහි දෙවන ස්ථානය අයර්ලන්තයට හිමිව තිබෙනවා.

මෙම තරගාවලියේ තවත් තරගයක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි. එහිදී නැමීබියාව සහ නෙදර්ලන්තය තරඟ වදිනවා. මේ අතර ඊයේ රාත්‍රියේ පැවති ඊ කාණ්ඩයේ තරගයකදී ලකුණු 26 ක ජයක් අතකර ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා. ඒ, ඕමාන කණ්ඩායම පරාජය කරමින්. 

එම තරගයේ පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 20 තුළ සියලු දෙනා දැවී ලකුණු 153 ක් රැස් කළා. මොහොමඩ් නයිම් ලකුණු 64 යි. පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ ඕමාන කණ්ඩායමට පන්දුවාර 20 තුළ කඩුලු 09 ක් දැවී රැස් කර ගැනීමට හැකි වුනේ ලකුණු 127 ක් පමණයි.