Monday, November 4, 2024

General line - 0115112241

තවත් 17,000 ක් එන්නත්කරණය සම්පූර්ණ කරයි




මෙරට කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ තවත් පුද්ගලයින් 17,009 දෙනෙකු ඊයේ දිනයේදී සිය දෙවන එන්නත් මාත්‍රාව ලබාගනිමින් එන්නත්කරණය සම්පූර්ණ කර තිබෙනවා. ඒ අතරින් පුද්ගලයින් 14,124 දෙනෙකුම සයිනොෆාම් දෙවැනි මාත්‍රාව ලබාගත් පුද්ගලයින් බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ.

ඊයේ දිනයේදී ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාගත් පුද්ගලයින් ගණන 2,352 ක්. මේ අතර ඊයේ දිනයේදී තවත් පුද්ගලයින් 1,781 දෙනෙකු මෙරට භාවිත වන කුමන හෝ කොරෝනා මර්දන එන්නතක පළමු මාත්‍රාව ලබාගෙන තිබෙනවා. ඒ අතරින් පුද්ගලයින් 908 දෙනෙකු ලබාගෙන ඇත්තේ සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාවයි.