නිරෝධායන රෙගුලාසි කඩ කිරීම් සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් 71 දෙනෙකු ගතවූ පැය 24 තුළදී පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව නිරෝධායන රෙගුලාසි කඩ කිරීම් සම්බන්ධයෙන් මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සමස්ථ පුද්ගලයින් ගණන 81,131 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
ඊයේ දිනය තුළ පළාත් සංචරණ සීමා උල්ලංඝනය කරමින් බස්නාහිර පළාතේ මාර්ග බාධක හරහා ගමන් කිරීමට පැමිණි පුද්ගලයින් 618 දෙනෙකු සහ ඔවුන් ගමන්ගත් වාහන 345 ක් ආපසු හරවා යැවීමට පියවර ගෙන ඇති බවද පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.