ඉන්දියාවේ කුසිනාරා හෙවත් කුෂි නගර් ජාත්‍යන්තර ගුවන් තොටුපළ එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් අද විවෘත කෙරුණා.
ඒ, මෙරට භික්ෂූන් වහන්සේ 95 ස් නමක් ඇතුලු 111 දෙනෙකු රැගත් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යානයක් අද පෙරවරුවේ එම ගුවන් තොටුපළ වෙත ළඟාවීමත් සමඟයි.
කටුනායක ගුවන් තොටුපළේ සිට කුෂි නගර් ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත එම ගුවන් යානය අද අලුයම අළුයම 05 යි 30 ට පමණ පිටත්ව ගියා. ශ්‍රී ලංකා රජය වෙනුවෙන් අමාත්‍ය නාමල් රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍යවරුන් වන ඩී වී චානක සහ සිසිර ජයකොඩි ඇතුලු පිරිසක්ද එම ගුවන් ගමනට එක් වුණා.
කුෂි නගර් වෙත සිදුකෙරෙන පළමු ගුවන් ගමනට එක්වන පිරිසට සුබ පැතීම සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් භාග්ලේ සහ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග ද කටුනායක ගුවන් තොටුපළට පැමිණ සිටි බවයි නෙත් නිවුස් ගුවන් තොටුපළ වාර්තාකරු පැවසුවේ.
කුෂි නගර් ජාත්‍යන්තර ගුවන් තොටුපළ විවෘත කිරීමේ අරමුණ වන්නේ ඉන්දියාවේ බෞද්ධ සිද්ධස්ථාන කේන්ද්‍ර කරගත් සංචාරක ආකර්ෂණය ඉහළ නැංවීමයි. එම ගුවන් තොටුපළ විවෘත කිරීමත් සමඟ දඹදිව වන්දනාවේ යන සැදැහැවතුන්ට වඩාත් පහසුවෙන් බෞද්ධ සිද්ධස්ථාන වෙත ළඟාවිය හැකි වනවා.
ඒ සම්බන්ධයෙන් නෙත් නිවුස් වෙත අදහස් දැක්වූ නවදිල්ලි නුවර ශ්‍රී ලංකා වන්දනාකරුවන්ගේ මධ්‍යස්ථානයේ පරිපාලන ලේකම් ඉන්දිය ආනන්ද බෝධි සමාගමේ උප සභාපති පූජ්‍ය පල්ලේගම විජිත ස්වාමීන් වහන්සේ.