Monday, April 29, 2024

General line - 0115112241

කණ්ඩායමේ වෙනසකින් තොරව, අයර්ලන්ත අභියෝගයට මුහුණ දෙන බව ශ්‍රී ලංකා පුහුණුකරු කියයයි




පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාක ක්‍රිකට් තරඟාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරඟය අද රාත්‍රීයේ පැවැත්වෙනවා. 

ඒ, අයර්ලන්ත කණ්ඩායමට එරෙහිවයි. මෙම තරගය සඳහා පළමු තරගයට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනසකින් තොරව එක් කිරීමට කටයුතු කරන බවයි ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රදාන පුහුණුකරු මිකී ආතර් මාධ්‍ය හමුවකට එක් වෙමින් ප්‍රකාශ කළේ.

ශ්‍රී ලංකා කන්ඩායම මෙම තරඟාවලියේ සහභාගී වූ පළමු තරඟය ජයගත්තේ නැමීබියා කන්ඩායම කඩුලු 07 කින් පරාජය කරමින්. 

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම  කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයට පත්වුණා. අයර්ලන්තයට එම ලකුණු සටහනේ දෙවැනි ස්ථානය හිමිව තිබෙනවා. අයර්ලන්ත කණ්ඩායම තමන් සහභාගි වූ පළමු තරඟයේදී නෙදර්ලන්ත කන්ඩායම කඩුලු 07 කින් පරාජය කළා. 

මේ අතර මෙම තරගාවලියේ ් කාණ්ඩයේ තවත් තරගයක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි. ඒ, නැමීබියාව සහ නෙදර්ලන්තය අතරයි.