Monday, April 29, 2024

General line - 0115112241

මහේල, ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ මනස වෙනස් කල හැටි හෙලි වෙයි




ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ වටයේදී හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධනගේ දායකත්වය ක්‍රීඩකයින්ගේ දක්‍ෂතා වැඩිදියුණුවීමට ප්‍රබල ලෙස බලපෑ බව ශ්‍රී ලංකා කණ්ඩායමේ දග පන්දු යවන ක්‍රීඩක මහේෂ් තීක්‍ෂණ පවසනවා.

ඒ, අයර්ලන්තය සමග ඊයේ තරගයෙන් පසු පැවති මාධ්‍ය හමුවට එක්වෙමින්.

එහිදී මහේල ජයවර්ධනගේ දායකත්වය, හිටපු ක්‍රීඩක අජන්ත මෙන්ඩිස්ගේ උපදේශකත්වය හා යුද හමුදාවේ සහය පිළිබද ඔහු මෙලෙස අදහස් පළ කළා.

තරගයෙන් තරගයට සැලසුම් සකස් කරමින් එළඹෙන තරගවලදී කටයුතු කරන බවයි ඔහු පැවසුවේ.

මේ අතර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ බී කාණ්ඩයෙන් සුදුස්සන් තෝරා ගැනීමේ තීරණාත්මක තරග 2 ක් අද පැවැත්වෙනවා.

ඒ, බංග්ලාදේශය සහ පැපුවා නිව්ගිනියා අතර සහ ඕමානය සහ ස්කොට්ලන්තය අතරයි.