Monday, April 29, 2024

General line - 0115112241

විස්සයි විස්ස ලෝක කුසලානයේ සුපිරි 12 වටය අද සිට - ශ්‍රී ලංකාවත් අපරාජිතව තවත් ඉදිරියට




පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සුපිරි කණ්ඩායම් 12 දෙනාගේ වටයේ තරඟ අද ආරම්භ වනවා. එම වටය ආරම්භ කරමින් පළමු තරඟය, පළමු කාණ්ඩය යටතේ පැවැත්වෙන්නේ ඔස්fටි්‍රලියාව සහ දකුණු අප්‍රිකාව අතරයි. එය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 03 යි 30 ට ආරම්භ වනවා. දෙවන තරඟය අද රාත්‍රී 07 යි 30 ට පැවැත්වෙන්නේ එංගලන්තය සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම අතරයි. 

පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම ද සුපිරි 12 දෙනාගේ වටයේදී තරඟ වදින්නේ ද පළමු කාණ්ඩය යටතේයි. ඒ අනුව ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරඟය හෙට බංග්ලාදේශය සමඟ පැවැත්වෙනවා. දෙවන තරඟය ලබන 28 වනදා ඕස්ට්‍රේලියාව සමඟත්, තුන්වන තරඟය ලබන 30 වනදා දකුණු අප්‍රිකාව සමඟත් පැවැත්වීමට නියමිතයි. එංගලන්තය සමඟ තරඟය පැවැත්වෙන්නේ නොවැම්බර් පළමුවැනිදායි. ශ්‍රී ලංකා - බටහිර ඉන්දිය කොදෙව් තරඟය නොවැම්බර් 04 වනදා පැවැත්වෙනු ඇති. 

 සුපිරි 12 දෙනාගේ වටයේ බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්ව ඇති ඉන්දියා පකිස්තාන තරඟය හෙට පැවැත්වීමට නියමිතයි. 

මේ අතර සුපිරි කණ්ඩායම් 12 අතරට පිවිසීම සඳහා පැවති සුදුසුකම් ලැබීමේ තරග වටයේ තමන් සහභාගී වු අවසන් තරගයද පහසුවෙන් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ රාත්‍රීයේ සමත් වුණා. ඒ නෙදර්ලන්ත කණ්ඩායම කඩුලු 08කින් පරාජය කරමින්.

මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් නෙදර්ලන්ත කණ්ඩායමේ සියලු පිතිකරුවන් පන්දුවාර 10ක් තුළ ලකුණු 44කට දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා. ලහිරු කුමාර සහ වනිදු හසරංග කඩුලු 03 බැගින් දවා ගත් අතර මහීෂ් තීක්ෂණ කඩුලු 02ක් දවා ගත්තා.  

ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 07යි පන්දුවකදී කඩුලු 02ක් පමණක් දැවී තරගයේ ජය වාර්තා කළා. කුසල් ජනිත් පෙරේරා නොදවී ලකුණු 33යි. ලකුණු 07කට කඩුලු 03ක් දවා ගත් ලහිරු කුමාර තරගයේ වීරයා ලෙස සම්මාන සම්මානය හිමි කරගත්තා.